Tuesday, February 12, 2019

40 වසරක ජයග්‍රාහී ගමන ඉරානයේ ඉස්ලාමීය විප්ලවය



ඉරාන ඉස්ලාමීය විප්ලවයේ 40 වැනි සංවත්සරය සැමරීම සඳහා, වසර 2019 පෙබරවාරි මස 11 වැනි දින, ඉරානය පුරාම කෝටි සංඛ්‍යාත ජනයා වීදි බැස පෙළපාලි ගියා. විප්ලවය ජයග්‍රහණය කළ 1979 සිට වසරක් පාසාම මෙදින ඉරානය පුරාම උත්සවශ්‍රීයෙන් සමරනු ලබනවා. 
සෑම නගරයක්, ගම්මානයක් පාසාම මහාමාර්ග දිගේ පවත්වනු ලබන රැස්වීම්, සැණකිලි, සංදර්ශන සමගින් මෙම දිනය වර්ණවත් වෙනවා.
ඇත්තෙන්ම ඔවුන්ට සමරන්න දෙයක් තිබෙනවා. එය ඔවුන්ට පමණක් නොව, ලෝකයේ ස්වාධීනත්වය අගයන සියලු දෙනාම සමරන්න වටිනා සංවත්සරයක්. 
එදා ඇමෙරිකාව ප්‍රමුඛ මහබලවතුන්ගේ සම්පූර්ණ අනුග්‍රහය ලත් පහ්ලවී රාජාණ්ඩුව සම්පූර්ණයෙන්ම බිඳවැටුණා. වසර 2500ක් තිස්සේ ඉරානය [පර්සියාව] පාලනය කළේ රජ පෙළපත් විසින්. 
මහජන විපලවයක් මගින් කලාපයේ ප්‍රබලම රාජාණ්ඩුව මහජන පෙලපාලවලින් ජයගනු ලැබුවේ එදිනයි.
ඉමාම් ආයතුල්ලාහ් කොමෙයිනි ඉරාන ජනයාගේ හිත දිනාගත් නිහතමානී ධර්මවේදියෙක්. රාජාණ්ඩුවේ මර්දනකාරී, මහජන විරෝධී ප්‍රතිපත්ති සහ ව්‍යාපෘතීන්ට විරුද්ධව ඔහු හඬ නැගුවා. ඉරානයේ ජනතාව ඔහු සමග අත්වැල් බැඳගත්තා. 
විප්ලවය ජයගැනීමට පහළොස් වසරකට ඉහත දීම ඉමාම් කොමෙයිනි අත් අඩංගුවට ගෙන රටෙන් පිටුවහල් කරනු ලැබුවා. ඉරාකයේ නජාෆ් නුවර දේවධර්ම ආයතනවල ඉස්ලාමීය දර්ශනය, නීති ශාස්ත්‍රය වැනි පාඩම් උගන්වමින් විශාල ශිෂ්‍ය පිරිසකට ධර්ම ශික්ෂණය ඔහු විසින් ලබා දුන්නා. ඉරානයේ පැවති මර්දනය ගැන විටින් විට ප්‍රකාශ නිකුත් කළා. මහජනයා මෙම ඉමාම්වරයාගේ නායකත්වය යටතේ කළ සටනේ, පරිත්‍යාගයේ ප්‍රතිපලයක් ලෙස විප්ලවය ජයගත්තා.
එම ජයග්‍රහණය ඔවුන්ගෙන් උදුරා ගැනීමට ලෝක මහා බලවතුන් සහ කලාපයේ ප්‍රතිගාමී රාජාණ්ඩු සහ හමුදා පාලන මගින් ඇති කරන ලද සියලුම බාධා ඔවුන් ජයගත්තා. කලාපයේ රාජාණ්ඩු සහ මිලිටරි පාලන සියල්ල විප්ලවයට බියවුණේ මෙම රැල්ල තමන්ගේ ද ඉරණම විසඳනු ඇතැයි යන සිතුවිල්ලෙන්. වසර අටක යුද්ධය, ආර්ථික සම්භාධක, විවධ තහංචි, මාධ්‍ය මඩගැසීම්, ආගමික කොන්කිරීම් සියල්ල අභිබවා ඉරාන ජනයා 40 වසර සමරන්නේ විප්ලව ජයග්‍රණයට වඩා මාහැඟි ජයග්‍රාහී ලීලාවෙනි.
ලෝකයේ සහ කලාපයේ බලවතුන්ට මෙම දශක හතර තුල විප්ලවීය ඉරානය දනගැස්සීමට හැකිවුණේ නෑ. ඒ වෙනුවට අද ඉරානය ලෝකය දියුණු තාක්ෂණ අත්පත් කරගත් සර්ව ස්වාධීන රටක් ලෙස අභිමානයෙන් නැගී සිටිනවා.
ඉමාම් කොම්යිනි නැවත ඉරානයට සම්ප්‍රාප්ත වූ පෙබරවාරි පළවෙනිදා සිට දවස් දහයකින්, එනම් 11 වැනිදා විප්ලවය සම්පූර්ණයෙන්ම ජයගත්තා. එම දවස් දහය පුරාම ඉරානයේ ඉස්ලාමීය විප්ලවයේ ජයග්‍රහණය සමරන උත්සව ලෝකය පුරාම පවත්වනු ලබනවා.
ශ්‍රී ලංකාවේත් ඉරාන සංස්කෘතික සංදර්ශන, ප්‍රදර්ශන, ච්ත්‍රපටි උළෙල වැනි වැඩසටහන් සාර්ථක ලෙස සංවිධානය කර තිබුනා.
ඉරානයේ ජනයාටත් ජන නායකයින්ටත් මෙම ජයග්‍රහණය වෙනුවෙන් ශුභ පතමු.
අල්ලාහු අක්බර්. කොමෙයිනි රහ්බර්
[අල්ලාහ්මයි ශ්‍රේෂ්ටයා. කොමෙයිනිමයි නායකයා]